December 2021

ලොව විශාලතම දූරේක්ෂය "ජේම්ස් වෙබ්"

ඩොලර් බිලියන 10 ක පමණ වියදමෙන් සෑදූ ලොව විශාලතම දූරේක්ෂය වන ජේම්ස් වෙබ් දෙසැම්බර් 25 පෘථිවියෙන් අභ්‍යවකාශය කරා ගමන් ඇරැඹීය. ප්‍රංශ්‍ර ගිනියාවේ කොවුරොව් අභ්‍යාවකාශ මධ්‍යස්ථානයෙන් ඒරියන් රොකට්ටුවක් ආධාරයෙන් මේ උපකරණය රැගෙන යනු ලැබීය. ඇපලෝ චන්ද්‍ර ගමනේ නිර්මාණ ශිල්පීන් අතුරින් කෙනකු වූ ජේම්ස් වෙබ්ගේ නමින් හඳුන්වා ඇති මේ අභ්‍යවකාශ දූරේක්ෂය පෘථිවියේ කෙන්යාවේ මාලින්දි නම් ස්ථානයේ පිහිටි භෞමික ඇන්ටනාවකින් ප්‍රථම වරට සාර්ථකව සම්බන්ධීකරණය කර ඇත. එය නිසි ආකාරයට ස්ථාන ගත වී ක්‍රියාත්මකවීමට සති දෙකකට වැඩි කාලයක් ගත වේ.

නත්තල් දිනය 2021

නත්තල් දිනය සාමයේ කුමාරයාණෝ යන ගෞරවනීය විරුදාවවලිය ලැබූ ජේසුස් ක්‍රිස්තු සමිඳාණන්ගේ අසිරිමත් උපත සිදුවූ දිනයයි. ලොව පුරා දස ලක්ෂ සංඛ්‍යාත කිතුණුවෝ සමඟ සාමය මානව දයාව, අනුනට උදව් කිරීම, ප්‍රේමය යනාදී ගුණයහපත්කම් අගයන ලෝකවාසීන් මෙම අසිරිමත් දිනය දෙසැම්බර් 25 වන දින සමරයි. නමුත් ආගම්ක සභාව හෝ නිකාය අනුව සමහරක් සංස්කෘතීන් සහ සමාජ විසින් විවිධ දිනවල නත්තල සමරනු ලබයි.  ජෙරුසලෙමේ ආර්මේනියානු ජාතිකයන්, ආර්මේනියානු අපෝස්තලික සභාව හා කතෝලික සභාව ජනවාරි 6 වන දින නත්තල සමරයි.

2021 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ (LPL) දෙවන දිගහැරුම 2021 වසර සඳහා දෙසැම්බර්  05 ආරම්භව දෙසැම්බර් 23 වෙනිදා දක්වා පවත්වන ලදී. මුලික වටයේ තරග කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේද අනෙකුත් අවසන් තරග හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගන යේද පවත්වන ලදී.

රාජ්‍ය සේවකයින් සඳහා රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම

ශ්‍රී ලංකාවේ භාෂා සම්බන්ධයෙන් වන මුලික නිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ IV  පරිච්චේදයෙහි සදහන්ව ඇත. එහි ඇති විධි විධාන 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් (1987) සහ 16 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් (1988) සංශෝධනය වී තිබේ. භාෂා අයිතිය මුලික අයිතිවාසිකමක් ලෙස සුරැකෙන අවස්ථාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ III පරිච්චේදයේ 12 (2) ව්‍යවස්ථාවේ සඳහන් කර තිබේ.

රාජකාරි ලිපි සම්පාදනයට අත්වැලක්

රාජකාරි ලිපි සම්පාදනයට අත්වැලක් නමැති කෘතිය රාජ්‍ය සේවකයන්ගේ භාෂා භාවිතය පිළිබඳව රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ භාෂා පර්යේෂණ ඒකකය විසින් සිදු කරන ලද පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස පළමු වරට 2016 වසරේදී රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව මඟින්  ප්‍රකාශයට පත් කරන ලදී. එහි දෙවන මුද්‍රණය 2019 වසරේදී එලි දක්වා ඇත.

උඳුවප් පුර පසළොස්‌වක පොහොය

උඳුවප් පොහොය ව්‍යවහාරික වර්ෂ ක්‍රමයට අනුව වර්ෂයේ අවසාන පොහොය දිනයයි එදින සම්බුද්ධ ශාසන ඉතිහාසයෙහි ඓතිහාසික සිදුවීම් කිහිපයක් ම වාර්තා වී තිබේ.