රාජකාරි ලිපි සම්පාදනයට අත්වැලක්

රාජකාරි ලිපි සම්පාදනයට අත්වැලක් නමැති කෘතිය රාජ්‍ය සේවකයන්ගේ භාෂා භාවිතය පිළිබඳව රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ භාෂා පර්යේෂණ ඒකකය විසින් සිදු කරන ලද පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස පළමු වරට 2016 වසරේදී රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව මඟින්  ප්‍රකාශයට පත් කරන ලදී. එහි දෙවන මුද්‍රණය 2019 වසරේදී එලි දක්වා ඇත.
රාජකාරි ලිපි සම්පාදනයේ දී බහුල වශයෙන් දක්නට ලැඛෙන ව්‍යාකරණ සහ අක්ෂර වින්‍යාස දෝෂ මෙන්ම ලිපි ආකෘතිය නිවැරදි විය යුතු ආකාරය මෙම ග්‍රන්ථයේ සාකච්ඡාවට බඳුන් වී ඇත. මෙය හුදෙක් ව්‍යාකරණ ග්‍රන්ථයක් නොවේ. රාජ්‍ය නිලධාරීන්ට ප්‍රායෝගිකව ලිපි සකස් කිරීමේ දී භාවිත කළ හැකි සරල රීති මාලාවකින් සමන්විත අත්පොතක් වන මෙම කෘතිය රාජ්‍ය නිලධාරීන්ගේ දෛනික කාර්යාලයීය අවශ්‍යතාවක් වන රාජකාරි ලිපි ලිවීමට අවශ්‍ය තොරතුරු හා මග පෙන්වීමක් ලබා දෙයි. තවද මෙහි ඇති කරුණු රාජ්‍ය සේවක ඔබේ කාර්යක්ෂමතා කඩඉම් හා උසස් වීම් විභාග සඳහා ද ප්‍රයෝජනයට ගත හැකි වටිනා ග්‍රන්ථයකි. රාජ්‍ය සේවයට නිලධාරීන් බඳවා ගැනීමේදී පවත්වන තරඟ විභාග වල භාෂා, අවබෝධය වැනි ප්‍රශ්න පත්‍ර සඳහා සුදානම් වීමේ අත්පොතක් ලෙසද මෙය භාවිතයට ගත හැකිය.

මෙම ග්‍රන්ථය ප්‍රධාන වශයෙන් පහත මාතෘකා පහක් යටතේ වෙන් කර දක්වා ඇත.

  • අක්ෂර වින්‍යාසය
  • වාක්‍ය නිර්මාණය හා ශෛලිය
  • පද ඛෙදීම
  • විරාම ලක්ෂණ භාවිතය
  • රාජකාරි ලිපි ආකෘති

පහත සබැදි භාවිතයෙන් ඔබට මෙය (PDF Copy) භාගත (Download) හැකිය
රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියෙන් Click Here
හෝ
අපගේ වෙබ් අඩවියෙන් Click Here