Blog

2021 වසර පසු විපරම - කොවිඩ් 19 වසංගතය, එන්නත්කරණය හා ලෝක ආර්ථිකය

2021 වසර ආරම්භ වූයේ කොවිඩ් 19 වසංගතය හා එයට එරහිව ආරක්ෂාවීමට ගන්නා ක්‍රියා මාර්ග සමඟය. මේ වන විට වසංගත තත්ත්වය යටතේ ලොව පුරා වාර්තා වී ඇති කොරෝනා රෝගීන් සංඛ්‍යාව විසිඅට කෝටිය කරා පැමිණ තිබේ. ඔවුන් අතරින් පනස් හතර ලක්ෂයකට වැඩි පිරිසක් අවාසනාවන්ත ලෙස  ජීවිත ගමන නිමා කළහ. ශ්‍රීලංකාව තුලද මේ වන විට කොරෝනා රෝගීන් 584,000 කට අධික ප්‍රමාණයක් වාර්තා වී තිබේ. ඉන් මරණ 14,800 කට අධික ප්‍රමාණයක් සටහන්ව ඇත.

ලොව විශාලතම දූරේක්ෂය "ජේම්ස් වෙබ්"

ඩොලර් බිලියන 10 ක පමණ වියදමෙන් සෑදූ ලොව විශාලතම දූරේක්ෂය වන ජේම්ස් වෙබ් දෙසැම්බර් 25 පෘථිවියෙන් අභ්‍යවකාශය කරා ගමන් ඇරැඹීය. ප්‍රංශ්‍ර ගිනියාවේ කොවුරොව් අභ්‍යාවකාශ මධ්‍යස්ථානයෙන් ඒරියන් රොකට්ටුවක් ආධාරයෙන් මේ උපකරණය රැගෙන යනු ලැබීය. ඇපලෝ චන්ද්‍ර ගමනේ නිර්මාණ ශිල්පීන් අතුරින් කෙනකු වූ ජේම්ස් වෙබ්ගේ නමින් හඳුන්වා ඇති මේ අභ්‍යවකාශ දූරේක්ෂය පෘථිවියේ කෙන්යාවේ මාලින්දි නම් ස්ථානයේ පිහිටි භෞමික ඇන්ටනාවකින් ප්‍රථම වරට සාර්ථකව සම්බන්ධීකරණය කර ඇත. එය නිසි ආකාරයට ස්ථාන ගත වී ක්‍රියාත්මකවීමට සති දෙකකට වැඩි කාලයක් ගත වේ.

නත්තල් දිනය 2021

නත්තල් දිනය සාමයේ කුමාරයාණෝ යන ගෞරවනීය විරුදාවවලිය ලැබූ ජේසුස් ක්‍රිස්තු සමිඳාණන්ගේ අසිරිමත් උපත සිදුවූ දිනයයි. ලොව පුරා දස ලක්ෂ සංඛ්‍යාත කිතුණුවෝ සමඟ සාමය මානව දයාව, අනුනට උදව් කිරීම, ප්‍රේමය යනාදී ගුණයහපත්කම් අගයන ලෝකවාසීන් මෙම අසිරිමත් දිනය දෙසැම්බර් 25 වන දින සමරයි. නමුත් ආගම්ක සභාව හෝ නිකාය අනුව සමහරක් සංස්කෘතීන් සහ සමාජ විසින් විවිධ දිනවල නත්තල සමරනු ලබයි.  ජෙරුසලෙමේ ආර්මේනියානු ජාතිකයන්, ආර්මේනියානු අපෝස්තලික සභාව හා කතෝලික සභාව ජනවාරි 6 වන දින නත්තල සමරයි.

Pages