Current Affairs

දුරුතු පුර පසළොස්‌වක පොහොය

දුරුතු පුර පසළොස්වක පෝය වසරේ ප්‍රථම පොහොය වන අතර,  බුද්ධ ශාසනයේ සුවිශේෂී සිදුවීම් රැසක් දුරුතු පෝය දින සිදුව තිබේ. බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදු වීම, බුදුන්වහන්සේ මහියංගනයට වැඩම කර යක්ෂ සහ නාග ගෝත්‍රිකයින් අතර පැවති ගැටුම සමනය කිරීම දුරුතු පෝය දින සිදු වූ බව ශාසන ඉතිහාසයේ සඳහන් වෙයි. එමෙන්ම බුදුන් වහන්සේ තුන් බෑ ජටිලයන් ප්‍රමුඛ දහසක් පිරිස දහම් මඟට හරවා ගැනීම හා බෞද්ධ ඉතිහාසයේ  ප්‍රථම ආරාම පූජාව වන බිමිබිසාර රජු විසින් බුදුන් වහන්සේ ඇතුළු මහ සඟරුවනට වේළුවනාරාමය පූජා කළේ ද දුරුතු පොහොය දිනකය.

තෛපොංගල් - தைப்பொங்கல் - Thai Pongal

"අස්වැන්න නෙළීමේ උත්සවය"යන අරුත ඇති තෛපොංගල් උත්සවය ලොව පුරා වාසය කරන දමිළ ජනතාව විසින් සෑම වසරක දී ම සමරනු ලබයි. පොංගල් උත්සවය විශේෂයෙන් ඉන්දියාවේ තමිල්නාඩු වැසියන් හා දමිළ ජාතිකයින් වෙසෙන වෙනත් රටවල් වල එනම් ශ්‍රී ලංකාව, මැලේසියාව, මොරිෂස්, දකුණු අප්‍රිකාව, ඇමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව සහ සිංගප්පූරුව යන රටවල බහුලව සමරනු ලබයි.

Pages