Intelligence Quotient - බුද්ධි පරීක්ෂණය

බුද්ධිඵලය, අනුගත වීමේ හැකියාව, මතක තබා ගැනීමේ ශක්තිය, ආවර්ජන හැකියාව වැනි දක්ෂතා හා හැකියා පිළිබඳවද, සමාජ සම්බන්ධතා, ප්‍රිතිමත්බව, විවාහ ජීවිතය වැනි පෞරුෂත්ව හැකියා පිළිබඳවද, යාන්ත්‍රික කුසලතා, සන්නිවේදන කුසලතා, නිර්මාණ කුසලතා වැනි වෘත්තිය දක්ෂතා පිළිබඳවද සොයා බැලීම සඳහා විවිධ පරීක්ෂණ සංවර්ධනය කොට බාවිත කෙරේ. අභියෝග්‍යතා පරීක්ෂණ හෙවත් බුද්ධි පරීක්ෂණ මිනිසාගේ බුද්ධිඵලය (INTELLIGENCE QUOTIENT) මැනිමේ ක්‍රමයකි. මෙමගින් ඉතා නිවැරදි ලෙස පුද්ගලයෙකුගේ බුද්ධිමත් බව මැනීමට හැකිය. මිනිසාගේ විවිධ දක්ෂතා හා හැකියා මැනීම සඳහා එකිනෙකට වෙනස් වූ අභියෝග්‍යතා පරීක්ෂණ රාශියක් ගොඩනගා ඇත. විවිධ අවශ්‍යතා සඳහා තේරීම් පරීක්ෂණ ලෙස ඒවා භාවිතයට ගනී. ප්‍රධාන වශයෙන් පුද්ගලයන්ගේ මතක තබා ගැනීමේ ශක්තිය, ආවර්ජන හැකියාව, ගණිතමය ,අවකාශමය තර්කණය, තාර්කික හැකියාව හා භාෂා දැනුම මෙමගින් මැනිය හැකිය.

රාජ්‍ය සේවා විභාග වලදී අපේක්ෂකයා සතු තර්කනය, ආදේශනය, අර්ථකථනය, සම්බන්ධතා  දැකීම,  පරිවර්තනය,  ගැටලු විසඳීමේ හැකියාව, හේතුඵල සම්බන්ධතා අවබෝධ කර ගැනීම, පුරෝකථනය, තොරතුරු සංවිධානය, රටා හඳුනාගැනීම සහ උපදෙස් පිළිපැදීම ආදී හැකියා මැනීම සඳහා සකස් කරනු ලබන බහුවරණ වර්ගයේ ප‍්‍රශ්නවලින් බුද්ධි පරීක්ෂණය ප්‍රශ්න යුක්ත වේ. බොහෝ විට ප්‍රශ්න 50 ක පත්‍රයකට පිළිතුර ලබා දීමට විනාඩි 90 ක කාලයක් පමණක් ලබා දෙයි.

Alfred BinetFrontal Lobeබුද්ධිමත් බව මැනීමේ පළමු පරික්ෂණය නිර්මාණය කර ඇත්තේ ප්‍රංශ ජාතික මනෝ විද්‍යාඥ වරයෙකුවන ඇල්ෆඩ් බයිනෙට් (Alfred Binet) විසින් 1905 වසරේදී පමණවේ. බුද්ධිඵලය අගය විවිධ හේතු නිසා වෙනස් විය හැකි අතර එයට ප්‍රධාන වශයෙන් මන්ද පෝෂණය, අධ්‍යාපනික ඌණතාව හා Alzheimer's රෝගී තත්වයන් බලපායි. අහාර සහ ජීවන රටාවේ හේතු නිසාද මෙකී අගය වෙනස් විය හැක. ප්‍රමාණවත් ලෙස අශ්වාසය කිරිම, භාවනාව, හොද නින්දක් ලැබීම, ගින්කෝ බිලෝබා යන පතර් භාවිතා කිරිම එය ජලය සමග පානය කිරිම,හෝ තේ තුළට දමා බීමේන්, කෝපි පානය කිරිමෙන් සහ අධික සීනි පානයෙන් ඉවත් වීමෙන් ඉතා හොද ලෙස මොළය ප්‍රාණවත් කිරීම මගින් ඉතා හොද බුද්ධිඵල අගයක් ලබා ගත හැක. මොළයේ ප්‍රමාණය බුද්ධිඵල අගය සදහා සැලකිය යුතු දායකත්වයක් දක්වන අතර මොළයේ ඉදිරි පස මස්තිශ්කයේ පිහිටා ඇති frontal lobe එකෙහි ප්‍රමණය මේ සදහා සෘජු ලෙස දායකත්වයක් දක්වනු ලබයි.

ඔබේ බුද්ධිඵලය සංඛ්‍යාත්මකව පරික්ෂා කර ගත හැක. තමන්ගේ අගය http://www.iqtest.com/ *වෙබ් අඩවියට පිවිස එහි පරීක්ෂණයන්ට පිළිතුරු සපයා ලබා ගත හැක. නිතර නිතර බුද්ධි පරීක්ෂණ අභ්‍යාස හා ක්‍රියාකාරකම් වල නිරත වීමෙන් මෙම අගය වැඩි දියුණු කර ගත හැක. (*මෙහි ඔබගේ ප්‍රතිඵල සඳහා මුදල් ගෙවීමක් සිදු කිරීමට අවශ්‍ය නොමැති අතර, ඔබගේ ලකුණු ඔබ ලබා දෙන ඊමේල් ලිපිනයට එවනු ලැබේ.)

පහතින් දක්වා ඇත්තේ සමහර ජනප්‍රිය පුද්ගලයන් කිහිප දෙනෙකුගේ අගයන්ය.

IQ Bell Curve

 

 

 

 

 

 

 

 

සාමාන්‍ය IQ ලකුණු ගණන 100 කි. එහි සම්මත අපගමන අගය 15 කි. මිනිසුන් 50% ක පමණ IQ ලකුණු ගණන 90 සහ 100 අතර අගයක් ගනී. මිනිසුන් 2.5% ක් පමණ ඉතා උසස් බුද්ධියකින් හෙබිය. (IQ ලකුණු 130 ට වඩා) මිනිසුන් 2.5% ක් පමණ ඉතා අඩු බුද්ධි මට්ටමක සිටී. (70 ට අඩු) මිනිසුන් 0.5% ක් පමණ ශ්‍රේෂ්ඨ බුද්ධිමත් මට්ටමට ලබා තිබේ. (over 140) අන්තර්ජාලය ඇසුරෙනි.