Deepavali festival - දීපාවලී උත්සවය

Deepavali popularly known as the "festival of lights," is a festival celebrated between mid-October and mid-November for different reasons. For Hindus, It is one of the most important festivals of the year and is celebrated in families by performing traditional activities together in their homes. Deepavali is celebrated in India, Nepal, Sri Lanka, Myanmar, Mauritius, Guyana, Trinidad & Tobago, Suriname, Malaysia, Singapore and Fiji. The name "Diwali" is a contraction of "Deepavali" which translates into "row of lamps". Diwali involves the lighting of small clay lamps in Sanskrit filled with oil to signify the triumph of good over evil. During Diwali, all the celebrants wear new clothes and share sweets and snacks with family members and friends.

ශ්‍රී කි‍්‍රෂ්ණ දෙවිඳුන් අධර්මය පරදවා ධර්මය ජයගත් දීපාවලී දිනය මේ වසරේ අදට (4 නොවැම්බර් 2021) යෙදී තිබේ. මෙය සෑම වසරකම ඔක්තෝබර් මැද හා නොවැම්බර් මැද අතර දිනයක සමරනු ලබයි.

දීවාලී යන වචනයේ තේරුම දිලිසෙන පහන් පේලිය යන්නයි. දකුණු ඉන්දියාවේ (දෙමලින්) දීපාවලී කියයි. දීවාලී යනු භාරතය පුරා ඉතා හරසරින් සමරන හින්දු ආගමික උත්සවයකි. ඉන්දියාවේ ප්‍රන්තයෙන් ප්‍රාන්තයට දීවාලි උත්සවයට මුල් වෙන හේතු විවිධය. හින්දු ජනප්‍රවාදයේ හැටියට වසර 14ක් තම රාජ්‍යයේ හා වැසියන්ගේ සුභ සිද්ධිය වෙනුවෙන් රටින් පිටුවහල් වී කැලෑගත වී සිටි රාමා රජු හා සීතා බිසව පෙරලා පැමිණීමේ දී පිලිගැනීමට පහන් දල්වා පේළියට සැරසුවාලු. ජනයා රසකැවිලි අනුභව කර ප්‍රීතිඝෝෂා නැගුවාලු යන්න විශ්වාස කෙරේ. ඔවුන් ගේ ජනප්‍රවාදය අනුව රාමා විසින් රාවණා රජු පරාජය කර, ලංකා රාජ්‍යය ගිනිබත් කර, විනාශකර, රාමා හා සීතා නැවත අයෝධ්‍යා නුවරට සැපත්වීම සැමරීමයි දීවාලී ලෙස හැඳින්වෙයි.

දීපාවලී යනු පොදුවේ අඳුර පලවා හැර ආලෝකමත් කරන, වාසනාව හා සහයෝගීතාවය පෙරදැරි කරගත් සංස්කෘතික අංගයකි. සිත් තුළ තිබෙන, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය වැනි අඳුර දුරුකර ජීවිතය ආලෝකමත් වේවායි දීපාවලී සමරමින් හින්දු බැතිමත්හු පහන් දල්වමින් ප්‍රාර්ථනා කරති.