Limited Exams

Managerial Aptitude - කළමනාකරණ අභියෝග්‍යතාව

ගැටලු හා ඒවාට හේතු හඳුනා ගැනීම, තීරණ ගැනීම, අන්තර් පුද්ගල සම්බන්ධතා පැවැත්වීම, සන්නිවේදන කුසලතාව, ස්වයං විනය, ප‍්‍රතිපත්ති හා උපාය මාර්ග සකස් කිරීම සහ භාවමය බුද්ධිය ආදී කළමනාකරණ මුලධර්ම භාවිතය සිද්ධි හා ප‍්‍රස්තාවන් අනුසාරයෙන් මෙමගින් පරික්ෂාවට ලක් කරනු ලැබේ.

Intelligence Quotient - බුද්ධි පරීක්ෂණය

බුද්ධිඵලය, අනුගත වීමේ හැකියාව, මතක තබා ගැනීමේ ශක්තිය, ආවර්ජන හැකියාව වැනි දක්ෂතා හා හැකියා පිළිබඳවද, සමාජ සම්බන්ධතා, ප්‍රිතිමත්බව, විවාහ ජීවිතය වැනි පෞරුෂත්ව හැකියා පිළිබඳවද, යාන්ත්‍රික කුසලතා, සන්නිවේදන කුසලතා, නිර්මාණ කුසලතා වැනි වෘත්තිය දක්ෂතා පිළිබඳවද සොයා බැලීම සඳහා විවිධ පරීක්ෂණ සංවර්ධනය කොට බාවිත කෙරේ. අභියෝග්‍යතා පරීක්ෂණ හෙවත් බුද්ධි පරීක්ෂණ මිනිසාගේ බුද්ධිඵලය (INTELLIGENCE QUOTIENT) මැනිමේ ක්‍රමයකි. මෙමගින් ඉතා නිවැරදි ලෙස පුද්ගලයෙකුගේ බුද්ධිමත් බව මැනීමට හැකිය.