All

Creative, Analytical and Communicative Skills - නිර්මාණත්මක, විශ්ලේෂණාත්මක හා සන්නිවේදන කුසලතා

අදහස්  හා  තොරතුරු  විශ්ලේෂණය  කිරීම,  ගොනු  කිරීම  හා  ඉදිරිපත්  කිරීම  සම්බන්ධයෙන් දක්වන තර්කනය සහ පරිකල්පන ශක්තිය මැන බැලීම මෙන්ම සංකීර්ණ ජේදයක්, ලියවිල්ලක් හෝ සංදේශයක් වටහා ගැනීමට සහ එහි ඇති ප‍්‍රධාන අදහස් තමාගේම වචනයෙන් සාරාංශ වශයෙන් පැහැදිළිව හා නිවැරදිව ප‍්‍රකාශ කිරීම මෙම විෂය ඔස්සේ සැලකිල්ලට ගනී.

Managerial Aptitude - කළමනාකරණ අභියෝග්‍යතාව

ගැටලු හා ඒවාට හේතු හඳුනා ගැනීම, තීරණ ගැනීම, අන්තර් පුද්ගල සම්බන්ධතා පැවැත්වීම, සන්නිවේදන කුසලතාව, ස්වයං විනය, ප‍්‍රතිපත්ති හා උපාය මාර්ග සකස් කිරීම සහ භාවමය බුද්ධිය ආදී කළමනාකරණ මුලධර්ම භාවිතය සිද්ධි හා ප‍්‍රස්තාවන් අනුසාරයෙන් මෙමගින් පරික්ෂාවට ලක් කරනු ලැබේ.

General Knowledge - සාමාන්‍ය දැනුම

සාමාන්‍ය දැනුම යනු විවිධ මාධ්‍ය මඟින් කාලයත් සමඟ එකතු වූ තොරතුරුය.  දේශීය හා විදේශීය කාලීන තොරතුරු, විද්‍යාත්මක හා තාක්ෂණික, සමාජ- ආර්ථික, දේශපාලනික, භූගෝලීය, නෛතික, පාරිසරික, සංස්කෘතික හා ක‍්‍රීඩා වැනි විවිධ අංශ මෙම තොරතුරු වලට අයත්ය.

Pages