Science

ලොව විශාලතම දූරේක්ෂය "ජේම්ස් වෙබ්"

ඩොලර් බිලියන 10 ක පමණ වියදමෙන් සෑදූ ලොව විශාලතම දූරේක්ෂය වන ජේම්ස් වෙබ් දෙසැම්බර් 25 පෘථිවියෙන් අභ්‍යවකාශය කරා ගමන් ඇරැඹීය. ප්‍රංශ්‍ර ගිනියාවේ කොවුරොව් අභ්‍යාවකාශ මධ්‍යස්ථානයෙන් ඒරියන් රොකට්ටුවක් ආධාරයෙන් මේ උපකරණය රැගෙන යනු ලැබීය. ඇපලෝ චන්ද්‍ර ගමනේ නිර්මාණ ශිල්පීන් අතුරින් කෙනකු වූ ජේම්ස් වෙබ්ගේ නමින් හඳුන්වා ඇති මේ අභ්‍යවකාශ දූරේක්ෂය පෘථිවියේ කෙන්යාවේ මාලින්දි නම් ස්ථානයේ පිහිටි භෞමික ඇන්ටනාවකින් ප්‍රථම වරට සාර්ථකව සම්බන්ධීකරණය කර ඇත. එය නිසි ආකාරයට ස්ථාන ගත වී ක්‍රියාත්මකවීමට සති දෙකකට වැඩි කාලයක් ගත වේ.