! Notice to all our readers in Sri Lanka

Our url www.govlk.com was blocked in Sri Lanka with out any notification to us. We are strongly disappointed regarding this issue.

We went offline because it is useless, if you can't reach us. By considering requests of users we came online again, but we have closed new user registration & comment/ content posting because we have no hope to continue our service if it is unavailable to access in Sri Lanka.

We provided public service examination information & knowledge to pass public service examinations. We are a education web site and our users know value of us.

Thank you all who are encouraging us in this hard situation. We wish you all good luck and success in your career.

රාමසාන් මාසය 2011

admin's picture

ඉස්ලාමීය දින දර්ශනයට අනුව ශෞව්වාල් මාසය එනම් රාමසාන් මාසයට පසුව එළඹෙන මාසයේ පළමු වරට සද දකිනතුරු මෙම උපවාස කාලය කි‍්‍රයාත්මක කිරීම ඉස්ලාමීය බැතිමතුන්ගේ සම්ප‍්‍රදායවේ. ඉස්ලාම් ධර්මයේ බැතිමතුන්ට දක්වා ඇති ප‍්‍රධාන යුතුකම් පහෙන් එක් ප‍්‍රධාන යුතුකමක් ලෙස ‘උපවාසය’ හෙවත් ‘අස්සවුම්’ හැඳින්විය හැකිය. දුප්පතුන්ට දැනෙන බඩගින්න පොහොසතුන් විසින් අවබෝධ කරගැනීමක් හා අල්ලා දෙවියන් විසින් දුන් නියෝගයක් ඉතා භක්තියෙන් කි‍්‍රයාත්මක කිරීමක් වශයෙන්ද රාමසාන් උපවාස සමය සැලකේ. අල්-කුරානය ලොවට පහළ වූයේ ද රාම්සාන් උපවාස මාසය තුළ දීමය. මසක් පුරා පවත්වන උතුම් වූ උපවාස කාලයෙන් අනතුරුව ලොව පුරා මුස්ලිම් ජනතාව භක්තිය හා සහෝදරත්වය පෙරදැරිව රාම්ලාන් උත්සවය සමරනු ලබන්නේ සාමකාමී හා ධාර්මිෂ්ඨ මනසකින් යුතුව ය.

ශ්‍රිලංකාවේ රාමසාන් සමය ප‍්‍රකාශයට පත් කෙරෙන්නේ කොළඹ ප‍්‍රධාන ඉස්ලාමීය දේවස්ථානයේ ප‍්‍රධානීන් විසිනි. රාමසාන් මාසයේ පළමු වරට හද දැකීමෙන් අනතුරුව ඔවුන් උපවාස සමය ආරම්භ වූ බව ප‍්‍රකාශයට පත් කරනු ලැබේ. මේ අනුව ඊයේ(1) රාතී‍්‍ර සද බැලීමෙන් අනතුරුව උපවාසය ආරම්භ වූ බව ඔවුන් සඳහන් කළේය. උපවාස දිනවල අළුයම 4.30 සිට පස්වරු 6.30 දක්වා ඉස්ලාම් බැතිමතුන් කිසිදු ආහාරයක් නොගෙන මීට දායක වේ. එම දිනවල පෙරවරු 03.30 සිට පෙරවරු 06.00 දක්වාත්, පස්වරු 03.15 සිට පස්වරු 04.15 දක්වාත්, පස්වරු 6.00 සිට පස්වරු 7.00 දක්වා සහ පස්වරු 7.30 සිට පස්වරු 10.30 දක්වාත් ඔවුන්ට දෛනික යාඥා කටයුතුවල යෙදීමට සිදුවන ඇත.

Comments

admin's picture

රාම්ලාන් සුභපැතුම්!

ශ්‍රී ලාංකික හා සමස්ත ලෝකවාසී මුස්ලිම් ජනතාවට සාමය හා සහිඳියාව සපිරි ප්‍රීතිමත් රාම්ලාන් උළෙලක් වේවා යි යන්න GovLk.Com අප ප්‍රාර්ථනයයි.