! Notice to all our readers in Sri Lanka

Our url www.govlk.com was blocked in Sri Lanka with out any notification to us. We are strongly disappointed regarding this issue.

We went offline because it is useless, if you can't reach us. By considering requests of users we came online again, but we have closed new user registration & comment/ content posting because we have no hope to continue our service if it is unavailable to access in Sri Lanka.

We provided public service examination information & knowledge to pass public service examinations. We are a education web site and our users know value of us.

Thank you all who are encouraging us in this hard situation. We wish you all good luck and success in your career.

පොදු රාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා උළෙල

 

 

 

 

01. පොදු රාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා උළෙල ඇරඹෙන්නේ 1930 දීය. එය මුලින්ම හැඳින්වුණේ බි‍්‍රතාන්‍ය අධිරාජ්‍ය තරගාවලිය ලෙසය. පසුව එය වෙනස් වී පොදු රාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා උළෙල බවට පත්විය.

02. කී‍්‍රඩා වාර්තාවලට අනුව බි‍්‍රතාන්‍යයට යටත්ව තිබු රටවල් අතර කී‍්‍රඩා තරගාවලියක් පැවැත්වීමේ යෝජනාවක් මතුව ඇත්තේ 1891 දීය. එදා එය ඉදිරිපත් කරනු ලැබුවේ එංගලන්තයේ යෝක්ෂයර් ප‍්‍රාන්තයේ විසූ ඈෂ්ට්ල් කූපර් නම් දේවගැතිවරයා විසිනි.

03. නමුත් විවිධ අදහස් හුවමාරුවකින් පසු පළමුවැනි බි‍්‍රතාන්‍ය අධිරාජ්‍ය තරගාවලිය පැවැත්වුණේ ඊට අවුරුදු 39 කට පසුවය. අද එය ඔලිම්පික් කී‍්‍රඩා උළෙලට පසු ලෝකයේ පැවැත්වෙන ප‍්‍රධාන කී‍්‍රඩා උළෙලක් බවට පත් වී හමාරය.

04. ප‍්‍රථම කී‍්‍රඩා උළෙල පවත්වනු ලැබුවේ කැනඩාවේ හැමිල්ටන් නුවර දී 1930 අගෝස්තු 16 වැනිදා සිට 23 වැනිදා දක්වාය. මුල්ම සහභාගීත්වය රටවල් 11 කි. එංගලන්තය, කැනඩාව, ඕස්ටේ‍්‍රලියාව, නවසීලන්තය, ස්කෝට්ලන්තය සහ දකුණු අපි‍්‍රකාව යන රටවල් එදා මංගල තරගාවලියකට ප‍්‍රමුඛ දායකත්වයක් දුන්හ.

05. වර්තමානයේ මෙන් අලංකාර උත්සවයකින් 1930 කී‍්‍රඩා උළෙල ඇරඹිණ. රටවල් 11 කින් පැමිණි කී‍්‍රඩක කි‍්‍රඩිකාවෝ මහත් උද්යෝගයකින් යුතුව තරග වැදුණාහ. මලල කී‍්‍රඩා, බොක්සිං, පිහිනුම්, පාපැදි සහ බර ඉසිලීමේ තරග ප‍්‍රමුඛත්වයක් ගත්තේය. බි‍්‍රතාන්‍ය ඇතුළු පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් අතර මිත‍්‍රත්වය හා සුහදතාවය නැංවීම තරගාවලියේ අරමුණ විය.

06. 1930 - 38 සමයේ තරග වාරයන් තුනක් හැමිල්ටන් (කැනඩාව), ලන්ඩන් (එංගලන්තය), සහ සිඞ්නි ( ඕස්ටේ‍්‍රලියාව) යන නගරවල පැවති අතර දෙවන ලෝක මහා සංග‍්‍රාමය හේතුවෙන් 1942 හා 1946 තරග වාරයන් පැවැත්වුණේ නැත.

07. 1950 නවසීලන්තයේ ඕක්ලන්ඞ් නුවර පැවති තරගාවලියෙන් පොදු රාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා උළෙල නැවතත් ඇරඹිණ. එතැන් සිට මෙවර ඉන්දියාවේ පවත්වනු ලබන 19 වැනි තරගාවලිය තෙක් වසර හතරකට වතාවක් සාර්ථක අයුරින් මෙම කී‍්‍රඩා උළෙල පවත්වා ඇත.

08. එංගලන්තය, ඕස්ටේ‍්‍රලියාව සහ කැනඩාව පොදු රාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා උළෙලේ දැවැන්තයින් සේ සැලකේ. ආරම්භයේ සිට තරගවදින මෙම රටවල් එක්ව දැනට රන් පදක්කම් 1000 කට ආසන්නව දිනා ඇතැයි වාර්තා වේ.

09. පොදු රාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා උළෙලේදී වාර්තා වූ දස්කම් බොහෝය. කැනඩාවේ පිහිනුම් ශූරයෙකු වූ ග්‍රෙහැම් ස්මිත් තරගාවලියේ වාර්තාගත කී‍්‍රඩකයෙකි. 1978 කැනඩාවේ එඞ්මින්ටන් නුවර පැවති තරගාවලියේ පිහිනුම් ඉසව්වලින් ඔහු රන් පදක්කම් හයක් දිනුවේය.

10. ඕස්ටේ‍්‍රලියාවේ අයිවන් ලූන්ඞ් තවත් වාර්තාකාරයෙකි. 1950 - 62 සමයේ කී‍්‍රඩා උළෙල හතරකට සහභාගී වූ ලූන්ඞ් පදක්කම් 13 ක් දිනා ගත්තේය. ඔහු තරග වැදුණේ දුණු ශිල්පීය තරගවලදීය. රන් පදක්කම් 3 ක්, රිදී පදක්කම් 6 ක් සහ ලෝකඩ පදක්කම් 4 ක් වාර්තාවට ඇතුළත්ය.

11. ඩෝන් පේ‍්‍රසර් ඕස්ටේ‍්‍රලියාවෙන් මතු වූ ලෝක වාර්තාගත පිහිණුම් ශූරියකි. ලෝක හා ඔලිම්පික් තරග පදක්කම් පවා දිනු ඇය 1958 (කාසිප්) සහ 1962 (පර්ත්) තරග වලදී පොදු රාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා සටහන් තැබුවාය. පේ‍්‍රසර් නමින් පවතින පදක්කම් වාර්තාව අටකි. එය රන් පදක්කම් 6 ක් සහ රිදී පදක්කම් 2 කි.

12. ඬේලි තොම්සන්, සෙබස්තියන් කෝ, කිප් කීනෝ, මර්ලින් ඔටේ, ඩොනවන් බේලි, ඩොන් ක්වර්, ඇලන් වෙල්ස් වැනි කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් පොදු රාජ්‍ය මණ්ඩලීය තරග වලදී මතු කළ මලල කී‍්‍රඩාවේ ජයග‍්‍රහණ අමරණීය ඒවාය.

13. ශී‍්‍ර ලංකාවේ ශි‍්‍රයානි කුලවංශ, පුෂ්පමාලි රාමණායක, මාලි වික‍්‍රමසිංහ, චින්තන වීදාල් ගීතානගේ, පීරීස් යන කී‍්‍රඩකයින් ශී‍්‍ර ලංකාව වෙනුවෙන් පොදු රාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා ඉතිහාසයේ පදක්කම් දිනු කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් ලෙස හඳුන්වා දිය හැක.