Comprehension - අවබෝධය

අවබෝධ පරීක්ෂණ යනු භාෂා හා අදහස් ග්‍රහණයයි. ගද්‍ය, පද්‍ය හෝ ඡේදයක වටහා ගැනීමේ ශක්තිය මෙමගින් මැනීමට අපේක්ෂා කරයි. මෙහිදී යම් දෙයක් හොදින් ග්‍රහණය කර අදහස් නිරවුල්ව තොර බේරා ගැනීමේ හැකියාව වැඩි දියුණු කර , ඉවසිල්ලෙන් හා බුද්ධිමත් ලීලාවෙන් උත්තර ලබා දීම වැදගත්ය. මෙම පරීක්ෂණය අපේක්ෂකයා  සතු  කරුණු  අවබෝධ  කර  ගැනීමේ හැකියාව,  සන්නිවේදන  කුසලතා,  සාරාංශකරණය, විවරණය හා නිර්මාණාත්මක බව ආදී කුසලතා මැනීම සඳහා සකස් කරනු ලබන වාස්තවික ප‍්‍රශ්නවලින් යුක්ත වේ. බොහෝ විට මෙම ප්‍රශ්න පත්‍රය බහුවරණ ප්‍රශ්න සහ/ හෝ කෙටි ප්‍රශ්න 50 කින් සමන්විත වන අතර ඒ සඳහා පැය 2 ක කාලයක් පිළිතුරු ලබා දීම සඳහා ලබා දෙයි.

පිළිතුරු සැපයීමේදී දන ගත යුතු කරුණු

  • දී ඇති ඡේදය, ගද්‍ය හෝ පද්‍ය කොටස අදහස් වටහා ගත හැකි වෙන පරිදි අවබෝධ කර ගනිමින් කියවන්න.
  • ගැටළු ඇති තැන් ඇත්නම් ඒවා එවලෙහිම නිරාකරණය කර ගන්න උත්සහ කරන්න
  • මුලික අදහස හා අනු අදහස් කෙරේ සිත යොමුකර ඒවා මතකයේ තබා ගන්න. අවශ්‍යනම් එහි ඉරි ඇද සටහන් කර ගැනීම කරන්න
  • සමහරක් පද කොටස් නොතේරේනම්, ඒවා කෙරෙහි වැඩි අවදානයක් යොමු නොකර සමස්තයක් සේ අර්ථය වටහා ගන්න
  • සියලු කොටස් කියවීමෙන් පසු, ප්‍රශ්නයෙන් ප්‍රශ්නය ගෙන ඊට පිළිතුරු ඇතුලත් කොටස නැවත කියවා, පිළිතුර ගලපා ගන්න
  • එකම ප්‍රශ්නය සඳහා පිළිතුරු එකම තැන නොතිබිය හැක. එහිදී එම තැන් කෙරෙහි අවදානය යොමු කර පිළිතුර නිවැරදි පිළිවෙලට සකසා ගන්න
  • ලියන පිළිතුර ක්‍රමානුකුලව ගලපා නිවැරදි වියරණ නීතියෙන් ඉදිරිපත් කිරීම වැදගත්ය
  • පිළිතුර වඩාත් දිග නොවිය යුතු විය අතර අවශ්‍ය කරුණු ඇතුලත් කිරීමට වග බලා ගන්න 
  • උත්තර විමසීමේදී ඡේදයේ වචන ආශ්‍රිතව විරුද්ධ පද පර්යාය පද ආදිය විමසන විට එහි පද යෙදුමේ අර්ථය සලකා බලා ඊට පිළිතුර දිය යුතුය
  • ඡේදයේ අඩංගු යම් වචනයක් යොදා වාක්‍ය ලිවීමට ඇති විට ඡේදයේ වාක්‍ය ගළපා ලියා දැක්වීම නොකළ යුතුය. ඒ සඳහා නිර්මාණාත්මක වාක්‍යක් ඉදිරිපත් කරන්න