උණුසුම් පුවත්

Syndicate content
AdaDerana RSS
Updated: 3 days 12 hours ago

අඛණ්ඩ මුදාහැරීමේ සහතික හා ප්‍රවීණතා සහතික පරිගණක ගත ක්‍රමවේදයකින්

Tue, 01/17/2017 - 23:37
වෙළෙඳ නාවිකයන් ලියාපදිංචි කර නිකුත් කරනු ලබන අඛණ්ඩ මුදාහැරීමේ සහතික පත්‍රය සහ ප්‍රවීණතා සහතික පත්‍රය අද(17) සිට පරිගණක ගත ක්‍රමවේදයකින් නිකුත් කිරීම ආරම්භ කර තිබේ.

සමලිංගිකත්වය පිළිගන්න බෑ - නියඟයට මුහුණදීමට ඩො.බිලියන 1.5ක් ඕනෑ

Tue, 01/17/2017 - 20:53
GSP+ වලට අදාළ ක්‍රියාකාරී සැලැස්මේ කරුණු 58 තුළ 6-01 සිට 6-08 දක්වා වගන්ති ඉවත්කිරීමට තීරණය කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

අතුරුගිරියේ වෙඩි තැබීමක්- දුමින්දගේ හිටපු රියදුරු මරු දකියි

Tue, 01/17/2017 - 20:08
අතුරුගිරිය ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

සියඹලාපිටිය විසින් මෛත්‍රී දොට්ටදමයි

Tue, 01/17/2017 - 18:27
ලංකා කෝල් කම්පැණි (ගල් අඟුරු) සභාපති, නීතිඥ මෛත්‍රී ගුණරත්න ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ඉවත්කිරීමට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විසින් කටයුතු කර තිබේ.

ලෝකයම හොල්ලන චරිතයක් පොදු අපේක්ෂකයා ලෙස ගේනවා

Tue, 01/17/2017 - 17:29
ඒකාබද්ධ විපක්ෂය විසින් රටම නොව ලෝකයම හොල්මන් කරන ලෝකයම හොල්ලන්නට හැකි දැවැන්ත චරිතයක් අපේක්ෂකයා විධියට ඉදිරිපත් කරන බව පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

සීමා නීර්ණ වාර්තාව බාරදෙයි

Tue, 01/17/2017 - 17:10
සීමා නීර්ණ අභියාචනා කමිටු වාර්තාව අද(17) දිනයේ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා වෙත බාරදී තිබේ.

ඕමන්ත මුරපොළේ අක්කර 16ක් රජයට දෙයි

Tue, 01/17/2017 - 17:08
ආරක්ෂක අංශ සතුව පැවති වව්නියාව, ඕමන්ත මුරපොළට අයත්ව තිබූ අක්කර 16ක භූමි ප්‍රදේශයක් යළි රජය වෙත බාරදී තිබේ.

ලංගම බසයට පහරදීලා

Tue, 01/17/2017 - 17:03
වව්නියාව නගරයේදී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථයකට පහරදීමක් සිදුවී තිබේ.

SAITM සිසුන් ලියාපදිංචි කරන්න ආණ්ඩුව වංචනිකව උත්සාහ ගන්නවා

Tue, 01/17/2017 - 16:47
මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් පිටවන සිසුන් වෛද්‍යවරුන් ලෙස ලියාපදිංචි කිරීමට ආණ්ඩුව වංචනිකව ගන්නා උත්සාහය නැවැත්වීම සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මැදිහත් විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

මේ රට පාලනය කරන්නේ කොළඹින් ද? බ්‍රසල්ස් නගරයෙන්ද?

Tue, 01/17/2017 - 16:29
මෙරටට ජී. එස්. පී. ප්ලස් සහනය ලබා දීම ඔස්සේ දෙමළ ඩයස් පෝරාව යාන්ත්‍රණයක් වශයෙන් එය පවත්වාගෙන යෑමට කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජී. එල්. පීරිස් මහතා ප්‍රකාශ කරයි.

බවුසරයට යට වී අවසන් ගමන් යයි

Tue, 01/17/2017 - 15:30
පස්යාල - ගිරිඋල්ල මාර්ගයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

ඩෙංගු මඩින්න රාජ්‍ය ආයතනත් පරීක්ෂා කරයි

Tue, 01/17/2017 - 14:25
රාජ්‍ය ආයතන තුළ ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන වර්ධනය වී ඇති බැවින් ලබන 24 වැනිදා එම ආයතන පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සියලුම අමාත්‍යවරුන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

CSN බලපත්‍රය අවලංගු කිරීම-පෙත්සම 16දා කැඳවයි

Tue, 01/17/2017 - 14:19
සී.එස්.එන්.රූපවාහිනී නාලිකාවේ බලපත්‍රය අවලංගු කිරීමට එරෙහිව එම රූපවාහිනී සමාගම විසින් ඉදිරිපත් කළ පෙත්සමක් ලබන 16 වැනිදා කැඳවීමට අභියාචනාධිකරණය නියෝග කර තිබේ.

ලොතරැයිය ආයෙත් විස්සයි!

Tue, 01/17/2017 - 13:34
2017 අයවැය යට‍තේ ලොතරැයි පතක මිල රුපියල් 20 සිට 30 දක්වා ඉහළ නැංවීමට කටයුතු කළඳ එය පැරණි මිල ගණන් යටතේම, එනම් රුපියල් 20 අලෙවි කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපතිවරයා අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබේ.

මන්ත්‍රී ධූරය ගැන තීරණයක් ගන්නවා

Tue, 01/17/2017 - 13:09
තම මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් ලබන 21 වැනිදා තීරණයක් ගන්නා බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා පවසයි.

පෞද්ගලික රෝහල් නියාමනය කිරීමේ වාර්තාව ළඟදීම එයි

Tue, 01/17/2017 - 13:03
පෞද්ගලික රෝහල් නියාමනය කිරීමේ සැලසුම් සහිත වාර්තාව ඉදිරි මාස දෙක තුළ අවසන් කර තමන් වෙත බාරදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා උපදෙස් ලබා දී තිබේ.

දුම්රිය රියදුරන් අකුරට වැඩ කරන්න යයි

Tue, 01/17/2017 - 13:02
ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් අද (17) මධ්‍යම රාත්‍රියේ සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට දුම්රිය රියදුරන්ගේ සංගමය තීරණය කර තිබේ.

වියළි කාලගුණික තත්ත්වයෙන් ලක්ෂ 6ක් අවතැන්

Tue, 01/17/2017 - 12:50
දිවයිනට බලපා ඇති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් ලක්ෂ 6කට අධික පිරිසක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ඉදිරි ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයෙක් ගේනවා

Tue, 01/17/2017 - 12:47
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ දේශපාලන පක්ෂ විසින් පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉල්ලුම සැපයීමට නොහැකියි

Tue, 01/17/2017 - 12:20
ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ මෙරට මසුන් හා මත්ස්‍ය නිෂ්පාදන සම්බන්ධයෙන් ඉහළ ඉල්ලුමක් පැවතිය ද එම ඉල්ලුම සැපයීමට අපොහොසත් වී ඇති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි.